Thursday 18th of June 2026

English Tamil
Advertiesment


නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්


2024-09-07 14975

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලව පොර තරඟාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රි ලංකාවේ නෙත්මි අහිංසා සමත් වුණා.ඒ ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවර පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරඟාවලියේදියි.

නෙත්මි අහිංසා මෙම ජයග්‍රහණය වාරතා කළේ අවසන් පූර්ව වටයේදි වැලරියා මිකිට්සිචි ක්‍රිඩිකාව ලකුණු 06/02ක් ලෙස පරාජයට පත්කරමින්.මෙම තරඟාවලියේදි අහිංසා සුදුසුකම් ලබා ගැනීමේ වටයේදි කසකස්ථානයේ යෙන්ගිලික් කබිල්බෙක් ලකුණු 10/0ක් ලෙස පරාජය කළා.

මූලික අර්ධ අවසන් පූර්ව වටයේදි බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10/0කින් පරාජයට පත් කිරීමට නෙත්මි සමත් වුණා.

අර්ධ අවසන් පූර්ව වටයේදි ඇය හංගේරියාවේ ලිලියානා කපුවාරි ලකුණු 14 /03කින් පරාජය කර අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදි චිනයේ ජින් ෂැන්ග් හමුවේ 02/02ක් ලෙස පරාජයට පත්වූ අතර අනතුරුව ඇය ලෝකඩ පදක්කම වෙනුවෙන් තරඟ කළා.

Advertiesment